Saturday, September 25, 2010

මතකය!!!!!

කාලය ගෙවුන පෙරදා පෙම් සිතක බැඳී
ආලය පෑම කාලය වෙනුවෙන් පැරදී
ආලය පාන රැස්වී පෙම් කුරුළු පොදී
දුටු සඳ සෙනේ සිතුවිලි යලි වේ අවදී

Wednesday, August 4, 2010

ඇරඹුම

අවුරුදු දහයක් පහලොවක් තිස්සේ ජීවිත කථාව ලියපු කොල ගොන්න අතුරුදහන් වෙලා!!!. මුලු ගේම පෙරලලා හෙව්වා ! වැඩක් උනේ නෑ. ඉතින් කණගාටු වෙලා මොකටද. ආපහු මුල ඉඳලා ලියන්න පටන් ගන්නවා කියලා හිතුවා.
                අවුරුදු ගාණක් ලියපු දේ නැවත මුල ඉඳලා ලිවීම ලේසි දෙයක් නෙවෙයි. පුංචිම කාලේ රසවත් සිදුවීම් බොහොමයක් අමතක වෙලා ගිහින්. ඒත් සමහර ජීවිතේටම අමතක නොවන සිදුවීම් මතකයේ රැඳිලා. කවදාවත් අමතක නොවන විදියට.
                මේ හැම දේම බ්ලොග් පිටුවක සටහන් කලොත් කියන සිතිවිල්ල ආවේ හදිසියේ. කාට හරි කියවලා රස විඳින්නත් පුලුවන් වේවි. සමහර විට මොනව හරි ඉගෙන ගන්නත් පුලුවන් වෙයි. කොහොම වුනත් මගේ ප්‍රාර්ථනාව නම් අර නැති වුන කොල ගොන්න ආපහු ලැබෙන්න කියලයි. ඒක ඒ තරම්ම වටිනවා.